මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

0
Moratuwa mayor - මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද ප්‍රතික්ෂේප කළේය.

ඇප ලබාදීමට තරම් ප්‍රමාණයත් කරුණු එම ඉල්ලීමෙහි ඉදිරිපත් කර නොමැති බව සඳහන් කල මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.