තවත් සම්පතක් රටට අහිමි වෙන ලකුණු – රංගන හේරත් ගැන ඇසෙන අලුත්ම කතාව

0
Rangana Herath - තවත් සම්පතක් රටට අහිමි වෙන ලකුණු - රංගන හේරත් ගැන ඇසෙන අලුත්ම කතාව

බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස රංගන හේරත් තෝරා ගැනීමට ඇති ඉඩකඩ වැඩි බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් පරිපාලන සභාපති අක්‍රම් ඛාන් පවසනවා.

ඒ අනුව රංගන හේරත් නවසීලන්ත සුපිරි දඟ පන්දු යවන්නෙකු වන ඩැනියල් විටෝරි වෙනුවට බංග්ලාදේශ කණ්ඩායමට කැඳවනු ඇති.

රංගන හේරත් සැලකෙන්නේ ලොව බිහිවූ විශිෂ්ඨතම වමත් දඟ පන්දු යවන්නා ලෙසටයි.

ටෙස්ට් තරඟ 93කදී ඔහු විසින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යා 433ක්.

ක්‍රිකට් ඉතිහාසයේ එතරම් කඩුලු සංඛ්‍යාව දවාගත් වෙනත් කිසිඳු වෙනත් වමත් දඟ පන්දු යවනෙකු හමුවන්නේ නැහැ.

රංගන හේරත් සමඟ බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකාර ධුරය සඳහා සලකා බැලෙන්නේ පකිස්ථානයේ සයිඩ් අජ්මාල් සහ ඉන්දීය හිටපු දඟ පන්දු යවන්නෙකු වන සුරාජ් බහාතුලේ දෙදෙනායි.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ රංගන හේරත් තමන්ගේ පළමු තේරීම බවයි.