ඇලීසාගේ අඟහරු සිහිනය සැබෑවක් වෙයිද?

0
Alyssa Carson - ඇලීසාගේ අඟහරු සිහිනය සැබෑවක් වෙයිද?

”අඟහරුට යන ඇලීසා කාර්සන්” ගැන ලොවම කතා වෙයි. පෘතුවිය වෙනුවෙන් අඟහරු වෙත යළි නොඑන ගමන් යන සුරූපි තරුණිය ගැන සමාජ මාධ්‍යවලද නොයෙක් කතා පැතිරේ.
 
මේ වන විට විසි හැවිරිදි වියේ පසුවන ඇගේ ඒකායන අරමුණ 2030දී සපුරා ගැනීමට බලාපොරොත්තු වන අතර අඟහරු මත ජනාවාස පිහිටුවීමේ මානව ක‍්‍රියාවලියේ ආරම්භකයෙක් වීම ඇලීසාගේ ප‍්‍රධාන අරමුණ වේ.

එහෙත් නාසා ආයතනය හා ඇලීසා අතර මෙතක් කිසිම සම්බන්ධයක් නැත. ”අඟහරුට යන ඇලීසා කාර්සන්” ලෙස පළවන වාර්තා ප‍්‍රතික්ෂේප කිරීමටද නාසා ආයතනයට සිදු විය.

එහෙත් ඇලීසා මේවන විට අභ්‍යවකාශ කඳවුරු 7කට, අභ්‍යවකාශ ඇකඩමි 3 කට සහ රොබෝටික් ඇකඩමි 1 ටත්  සහභාගිවී ඇත.

පැහැදිලි දිනයක් නොමැති මෙතෙක් ස්ථිර නොවූ අඟහරු ගමන ගැන ඇලීසා මීට වසර කිහිපයකට පෙර මෙසේ කියා තිබුණාය.

‘‘මට කවදා මම ආදරේ කරන අය මුණ ගැහෙයිද? හාත්පස අඳුරු හිස් අවකාශය තුළ හිස් කුටීරයක හිර වෙලා නාදුනන මිනිස්සු එක්ක මාස 6ක් ? නෑ…නෑ… 9ක් ? අවුරුද්දක් ? දෙකක් ? ගත කරන එක මගෙ දෙයියනේ… අඟහරු ග‍්‍රහයා මත මිනිස් ජනාවාස බිහි කරන ගමනෙදී මිනිසුන්ට හිතකර පරිසරයක් එහි ගොඩනැඟිලා තියෙනවා. සැතපුම් මිලියන 40ක් දුර තියෙන ග‍්‍රහලෝකයක නවීන පහසුකම් කිසිම දෙයක් නැතිව අඳුරු, සීතල පිරුණු ගැඹුරු හිස් අවකාශයක් ඔස්සේ අපි අඟහරු ගමන ගැන කතා කරනවා. ඒත් අපි කවදාවත් කතා කරන්නේ නැහැ ආපහු පෘථිවියට එන්නේ කොහොමද කියන දේ ගැන. මොකද අපි දන්නවා. ඒක කවදාවත්ම සිද්ධ වෙන්නේ නැති බව. ඒ කියන්නේ අපි අඟහරු මතට ගියොත් අපිට ආපහු කවදාවත්ම පෘථිවියට එන්න බැහැ.”

ඇත්තෙන්ම ඇලීසාට අඟහරු වෙත යළි නොඑන ගමන් නොව එහි යන්නටද ලැබේදැයි යන්නත් පැහැදිලිව කිව නොහැක.