මත්පැන් සාදයක් පැවැත්වු පිරිසක් රිමාන්ඩ්… පවුල්වල සියලු දෙනා නිරෝධායනයට

0
Remand - මත්පැන් සාදයක් පැවැත්වු පිරිසක් රිමාන්ඩ්… පවුල්වල සියලු දෙනා නිරෝධායනයට

ඊයේ (31) අලුයම් කාලයේදී යාපනයේ, අරසඩි ප්‍රදේශයේ මත්පැන් සාදයක් පැවැත්වූ ස්ථානයක් වටලා පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් මත්පැන් පානය කරමින් සිට ඇති බවයි.

සැකකරුවන් ඊයේ (31) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි 7 තෙක් රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම එම අධිකරණය සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කර ඇත්තේ, අදාළ සැකකරුවන්ගේ පවුල්වල සියලු දෙනා නිරෝධායනයට යොමු කරන ලෙසයි.