නිරෝධායන රීති කැඩූ 1000කට අධික පිරිසක් අත්අඩංගුවට

0
Quarantine rules - නිරෝධායන රීති කැඩූ 1000කට අධික පිරිසක් අත්අඩංගුවට

ගත වු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,047දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අතරින් මාතලෙන් 160, නිකවැරටියෙන් 119ක් සහ මහනුවරින් 98දෙනෙක් ලෙස නිරෝධායන නීති උල්ලංඝනය කිරීමෙන් අත්අඩංගුවට පත්ව සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, මේ දක්වා අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 19,102ක් වන බවය.