අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

0

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාපමුණුව සහ ගොරකපිටිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර ග්‍රාම නිලධාරී වසම් ද මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී වසම ද මෙලෙස හුදෙකලා කර තිබෙනවා.