තවත් කොරෝනා ආසාදිත මරණ 43ක් වාර්තා වෙයි

0
covid 19 deaths in sri lanka - කොරෝනා ආසාදිත මරණ 43ක්

කොරෝනා ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ වාර්තා වූ මරණ 43න් 23 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 20දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අවුරුදු 24ත් 95 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.

මේ අතර,

ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (31) දිනයේ නව ආසාදිතයින් 490 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,912ක් හඳුනාගත් අතර ඉන් පුද්ගලයින් 28දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.

ඊයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

ශ්‍රීලංකාවේ කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය