වැඩිහිටි නිවාසයක සියලුදෙනාටම කොවිඩ්

0
Angoda - වැඩිහිටි නිවාසයක සියලුදෙනාටම කොවිඩ්

අංගොඩ පිහිටි වැඩිහිටි නිවාසයක 29දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම වැඩිහිටි නිවාසයේ සිටි එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මියයෑමත් සමඟ සෙසු සියලුදෙනා පීසීආර් පරීක්ෂාවකට යොමුකර ඇත.

ඒ අනුව එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 27දෙනෙක් හා එහි කළමනාකාරීත්වයේ සේවය කරන දෙදෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් හඳුනාගෙන තිබේ.

ආසාදිතයින් ලෙස හඳුනාගත් පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමේ අපහසුතාවක් මතුව ඇතැයි මහජන සෞඛ්‍යය පරීක්ෂක අජිත් විතානගේ මහතා පවසයි.

“ඒ අයව දුර තියෙන මධ්‍යස්ථානයකට අරන් යන්න ගියොත් සෑහෙන අපහසුතාවකට ලක්වෙනවා. ඒ නිසා අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය සමඟ සාකච්ඡා කරලා අපි තීරණය කළා මෙම වැඩිහිටි නිවාසය ම නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ගෙන අපි මෙතෙනට ඇවිල්ලා එයාලට අවශ්‍ය ප්‍රතිකාර ටික ලබාදීලා දෙමාපියන්ව රැකබලා ගන්න තමයි තීරණය කළේ.“

එක් පුද්ගලයෙක් පමණක් එම වැඩිහිටි නිවාසයෙන් පිටතට යන බවත් ඔහු නිසා සියලුදෙනා ආසාදිත බවට පත්ව ඇති බවත් මහජන සෞඛ්‍යය පරීක්ෂක අජිත් විතානගේ මහතා චෝදනා කර සිටී.