කොරෝනා අස්සේ පොලිසිය කුරුණෑගල නගරාධිපතිගේ උපන්දිනයට කේක් කපයි! (VIDEO)

1
kurunagala mayor birthday party - පොලිසිය කුරුණෑගල නගරාධිපතිගේ උපන්දිනයට කේක් කපයි

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ උපන්දිනය වෙනුවෙන් පොලිසිය විසින් උපන්දින කේක් ගෙඩියක් සුදානම් කර තිබූ ආකාරයක් ඊයේ (30) දින දැක ගත හැකි විය.

රටේ පවතින කොරෝනා වසංගතය දුරු වේවා යැයි ප්‍රර්ථනා කරමින් කුරුණෑගල මූලස්ථාන පොලිසිය මඟින් මේ දිනවල සෙත් පිරිත් දේශනාවක් පැවැත්වෙන අතර එම අවස්ථාවට සහභාගී වූ නගරාධිපතිවරයා සිය උපන්දිනය එහිදී සමරනු ලැබීය.

මෙම අවස්ථාවට කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ කුරුණෑගල දිසාව භාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.