කුරුම්බැට්ටියක් උගුරේ සිරවී මාස 11ක පුංචි සිඟිත්තියක් ජීවිතක්ෂයට

0
small baby died - කුරුම්බැට්ටියක් උගුරේ සිරවී මාස 11ක පුංචි සිඟිත්තියක් ජීවිතක්ෂයට

කුරුම්බැට්ටියක් උගුරේ සිරවීමෙන් කුඩා දරුවෙක් මියයාමේ පුවතක් ගාල්ල, කරාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 11ක් වයසැති කුඩා දැරියක්.

මියගොස් ඇත්තේ හේවාහන්දිගේ මනුලි විමංසා නැමති මිනුවන්දෙණිය කරාගොඩ ප්‍රදේශයේ දැරියකි.

දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිටින අතර තුර කුරුම්බැට්ටියක් මෙලෙස සිරවී ඇති අතර එහිදී ඇතිවූ ස්වසන අපහසුතාවක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.