ජුනි 7ට පසු සංචරණ සීමා පැනවේද ?

0
Shavendra Silva - ජුනි 7ට පසු සංචරණ සීමා පැනවේද ?

එළඹෙන ජුනි 7 වෙනිදා දිනෙන් පසුව සංචරණ සීමා දැමීම පිළිබඳව මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව 7 වැනිදායින් පසුත් සංචරණ සීමා දිගු කරන්නේ නම් ඒ පිළිබඳව විශේෂඥවරුන්ගේ සහ අනෙකුත් පාර්ශ්වවල නිර්දේශ ලබා ගෙන ඒ පිළිබඳව තීරණය කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත සංචරණ සීමා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් පවතින නමුත් අද (31) උදෑසන වන තෙක් එවැනි තීරණයට එළඹ නොමැති බවත් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here