ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

0
Covid 19 new cases in sri lanka yesterday - ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ

ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඊයේ (30) දිනයේ නව ආසාදිතයින් 608 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,859ක් වාර්තා වු අතර ඉන් ආසාදිතයින් 10දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි අය වේ.

මේ අතර ඊයේ දිනයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 547ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 447ක් හඳුනාගෙන තිබේ.

මීට අමතරව මහනුවරින් 108ක්, ගාල්ලෙන් 143ක්, කෑගල්ලෙන් 136ක් වශයෙන් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී ඇත.

මීට අමතරව කුරුණෑගලින් 99ක්, යාපනයෙන් 56ක්, පුත්තලහෙව් 42ක්, අනුරාධපුරයෙන් 39ක්, මාතරින් 82ක්, පොළොන්නරුවෙන් 29ක්, අම්පාරෙන් 46ක්, නුවරඑළියෙන් 17ක්, රත්නපුරයෙන් 78ක්, හම්බන්තොට 50ක්, බදුල්ල 43ක්, මඩකලපුවේ 76ක්, මොනරාගල 40ක්, කිලිනොච්චිය 57ක්, මුලතිව් හා ත්‍රිකුණාමලයෙන් 31 බැගින්, මාතලේ 14ක්, වව්නියාව 22ක් හා මන්නාරමෙන් 8දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ නගර සීමාවෙන් වාර්තා වී ඇති අතර ඒ ගණන 110කි.

මීට අමතරව වැලිකඩ 105ක්, බොරලැස්ගමුව 35ක්, කහතුඩුව 39ක්, ගල්කිස්සෙන් 38ක්, මුල්ලේරියාවෙන් 91ක් හා නවගමුවෙන් 43ක්, පිළියන්දල 15ක් හා වැල්ලම්පිටියෙන් 25ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව හා හෝටල් තුළ පවත්නාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 55ක් තුළ පුද්ගලයින් 4,066ක් නිරෝධායනය වෙමින් සිටී.

අද උදෑසන වන විට රෝහල්ගතව ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ සිටින පුද්ගලයින් ගණන 30,752කි.

එසේම අද වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ සිටි පුද්ගලයින් 1,434ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.