පාකිස්තානු හිටපු ක්‍රීඩක කම්රන් අක්මාල්ගෙන් ශ්‍රී ලංකාවට අපහාසාත්මක ප්‍රකාශයක්

0
Kamran akmal - පාකිස්තානු හිටපු ක්‍රීඩක කම්රන් අක්මාල්ගෙන් ශ්‍රී ලංකාවට අපහාසාත්මක ප්‍රකාශයක්

ඉදිරියේදී පැවැත්වෙන ශී‍්‍ර ලංකා – ඉන්දියා කි‍්‍රකට් තරගාවලියේදී ඉන්දීය ‘සී’ කණ්ඩායමක් තරග වැදුණද ඔවුන්ට ශී‍්‍ර ලංකාව පහසුවෙන් පරාජයට පත්කළ හැකි යැයි පාකිස්තානයේ හිටපු කී‍්‍රඩක කම්රන් අක්මාල් කියා සිටී. අන්තර්ජාලය හරහා වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප‍්‍රකාශ කර තිබේ.
 
ශී‍්‍ර ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර එළැඹෙන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා ඉන්දීය දෙවන කණ්ඩායමක් සහභාගි කරවීමට එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සහ එංගලන්තය සමගින් ටෙස්ට් තරගාවලියකට එම කාලවකවානුවේදී ඉන්දීය කණ්ඩායම සහභාගිවීමට නියමිත හෙයින් ඉන්දීය දෙවන කණ්ඩායමක් ශී‍්‍ර ලංකා සංචාරය සඳහා එක් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ. ඒ අනුව ඉන්දීය ප‍්‍රබල කී‍්‍රඩකයන් රැසකට ශී‍්‍ර ලංකා සංචාරය සඳහා එක්වීමට අවස්ථාව මගහැරී තිබේ.
 
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වා සිටින පාකිස්තාන හිටපු කී‍්‍රඩක කම්රන් අක්මාල් ඉන්දියාවට එකම අවස්ථාවකදී ජාතික කණ්ඩායම් දෙකක් නොව තුනක් වුවද තරග බිමට යොමුකළ හැකි බවත් එහිදී ඉන්දියාව ශී‍්‍ර ලංකාවට සී කණ්ඩායමක් (තුන්වැනි කණ්ඩායමක්) යැව්වද ශී‍්‍ර ලංකාව පහසුවෙන් පරාජයට පත්කළ හැකි යැයි පවසා තිබේ.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අක්මාල් ‘ඉන්දීය කණ්ඩායම් දෙකක් එකවර රටවල් දෙකක් සමගින් තරග වදිනවා. එකක් එංගලන්තයේ. අනික ශී‍්‍ර ලංකාවේ.
 
ඔවුන්ගේ කි‍්‍රකට් සංස්කෘතිය ඒ තරම්ම දියුණුයි. ඔවුන්ට එකවර ජාතික කණ්ඩායම් දෙකක් නොව තුනක් වුවත් නිර්මාණය කිරීමට තරම් දක්ෂ කී‍්‍රඩකයන් ඉන්නවා. එහෙම හදපු තෙවැනි පෙළ කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට යැව්වත් ඔවුන්ට පහසුවෙන් ශී‍්‍ර ලංකාව පරාජයට පත්කරන්න පුළුවන්. මොකද ඔවුන් බංග්ලාදේශයටත් පරාජයට පත්වුණා. ශී‍්‍ර ලංකා පුහුණුකරු කී‍්‍රඩකයන්ගේ දක්ෂතාවලට වඩා අවදානය යොමුකරන්නේ වෙනත් දේවල්වලට. ඉන්දීය කි‍්‍රකට් ගොඩනැගීමට රාහුල් ඩ‍්‍රාවිඞ් ලොකු සේවයක් කරනවා. එහි ගෞරවය ඔහුට හිමිවිය යුතුයි. තරුණ කී‍්‍රඩකයන්ව ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන අයුරින් ඔහු ඔවුන් නිර්මාණය කරනවා. ඉන්දීය පුහුණුකරු රවි ශාස්ති‍්‍ර ඔවුන්ව නිවැරදිව කළමනාකරණය කරනවා. ඒ වගේම ඉන්දීය කණ්ඩායමට නායකයින්ගෙනුත් අඩුවක් නැහැ. දෝනි කණ්ඩායම උඩට ගෙනවා. දැන් කෝලි එය ඉදිරියට ගෙන යනවා. ඔහුගෙන් පස්සේ රෝහිත් ෂර්මා ඉන්නවා’ යැයි කියා සිටී.
 
කෙසේ වෙතත් සත්කාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරගය ලබන ජූලි 13 වැනිදාත් දෙවැනි සහ තෙවැනි තරග දෙක ලබන 16 සහ 19 යන දිනවලදීත් පැවැත්වීමට නියමිතව තිබේ. දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය ලබන ජූලි මස 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබේ.