අද පළාත් කිහිපයකට වැසි

0
today weather forecast - අද පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රියේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 දක්වා වැඩි විය හැකිය.