පාර්ලිමේන්තු පොකුර හැදුවේ කතානායකයැයි චෝදනාවක්

0
Mahinda yapa abeygunawardana - පාර්ලිමේන්තු පොකුර හැදුවේ කතානායකයැයි චෝදනාවක්

පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුර හැදුවේ  කතානායක යැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි .

කතානායක  කාර්යාලය ඇතුළු පාර්ලිමේන්තුවේ කාර්යාල කීපයකින් කොරෝනා රෝගීන් පිරිසක් හමුවුණු අවස්ථාවේදී පාර්ලිමේන්තුව කල් දමන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන්  කතානායකවරයාගෙන් කිහිප වරක්ම ඉල්ලා සිටියත්  ඔහු එම ඉල්ලීමට ඇහුම්කන් නොදුන් බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා ප්‍රකාශ කළේය.

ඔවුනට අවශ්‍ය වූයේ මරණ මතින් හෝ  කොළඹ වරාය නගර  කොමිෂන්  සභා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට යයිද  ඔහු පැවසුවේය.

මන්ත්‍රීවරුන් දවසින් දවස ආසාදිතයන් බවට පත්වෙමින් සිටින  බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.