හග්ගල මාරක වංගුවේ තවත් අනතුරක්

0
Haggala - හග්ගල මාරක වංගුවේ තවත් අනතුරක්

මහනුවර සිට වැලිමඩ දක්වා පොහොර ප්‍රවාහනය කළ ලොරි රථයක් හග්ගල මහ වංගුව ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලී තිබෙනවා.

එම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසුවා.

අධික බැවුමක් සහිත ප්‍රදේශයේ දි ධාවනය වෙමින් තිබු ලොරි රථය මාර්ගයේ ආරක්ෂිත පැති බැම්ම කඩාගෙන මාර්ගය අභියස පිහිට නිවස මතට පෙරලිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වි තිබෙනවා.

ලොරි රථය නිවස මතට පෙරලෙන අවස්තාවේ නිවසේ නිදන කාමරයේ සිය මව සිටි බවත් පසුව මව බේරාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවත්, අනතුරෙන් තම නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් අනතුරට පත් නිවාස හිමියා පැවසුවා.