හිමිනමක් ආවාස ගෙය තුල අපවත්ව සිටියදී හමුවෙයි

0
thero - හිමිනමක් ආවාස ගෙය තුල අපවත්ව සිටියදී හමුවෙයි

පුත්තලම කොට්ටුකච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ විහාරවාසී හිමිනමක් ආවාස ගෙය තුල අපවත්ව සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස අපවත්වී ඇත්තේ අවුරුදු 63ක් වයසැති හිමිනමක්.

ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ උන්වහන්සේ වසර දෙකකට ආසන්න කාලයක් මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටි බවයි.

ඊයේ (29) උදෑසන සහ දහවල් දානය රැගෙන ගිය දායකයන් ද එම දානය විහාරස්ථානයේ මුලුතැන්ගෙන ආසන්නයෙන් තබාගොස් ඇතත් ස්වාමීන් වහන්සේ පිළිබඳ සොයාබැලීමක් සිදුකර නැහැ.

කෙසේවෙතත් ඊයේ සවස උන්වහන්සේ වෙනුවෙන් ගිලන්පස රැගෙන ආ දායකයන් පිරිසක් ස්වාමීන් වහන්සේ දක්නට නොලැබීඹ පිළිබඳ කළ සොයා බැලීමකදීයි ආවාස ගෙය තුල ඇද වැටී සිටින ආකාරය දැක ඇත්තේ.

අනතුරුව සිද්ධිය පිළිබඳ පුත්තලම පොලිසියට දැනුම්දීමෙන් පසු විමර්ශණ ආරම්භ වී තිබෙනවා.

මෙම ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර අනතුරුව දේහය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

එහිදී ජෛව පටල පරීක්ෂණයක් ද පැවැත්වීමටයි පොලිසියට උපදෙස් ලබාදී ඇත්තේ. අපවත්වූ හිමිනම සෙම් රෝග ෂහ හෘද රෝග සඳහා නිරන්තරයෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවට ද පොලිස් පරීක්ෂණවලිදී හෙළිවී තිබෙනවා.