කොවිඩ් රෝගීන් දිගටම වැඩිවුණොත් රට තුළ දැඩි අර්බුදයක් – සෞඛ්‍ය අංශ රජයට කළ අනතුරු ඇඟවීම මෙන්න

0
Covid 19 in sri lanka - කොවිඩ් රෝගීන් දිගටම වැඩිවුණොත් රට තුළ දැඩි අර්බුදයක් – සෞඛ්‍ය අංශ රජයට කළ අනතුරු ඇඟවීම මෙන්න

කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව, ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැයි සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇති බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් දෙදහසකට අධික පිරිසක් මේ වන විට වාර්තා වන අතර එය ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් වර්ධනය වුවහොත් රෝගීන් විසිපන්දහසකට ,තිස් දහසකට පමණ පිරිසකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශ වලට සිදුවනු ඇතැයි ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇතැයි එම පුවත්පත් වාර්තාවේ සඳහන් වනවා.

කොවිඩ් තෙවැනි රැල්ල රට තුළ වේගයෙන් පැතිර යන සහ ඉක්මනින් බෝ වන ප්‍රභේදයක් බවත්,රෝගීන් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වී ඔක්සිජන් ආධාරක සැපයුම් මත රදා පවතින තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී තිබෙනවා.

රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් වැඩි වුවහොත් වාර්තාවන රෝගීන්ගෙන් දෙදාස් පන්සීයේ සිට 3000 දක්වා පිරිසක් මධ්‍යම ප්‍රමාණයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ඇති බවත් ,රෝගීන් නව සියයත් දහසත් අතර පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි අනුමාන කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති බව සඳහන්.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්අසාධ්‍ය රෝගීන් ට ප්‍රතිකාර කළ හැකි අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම එක් අධි සත්කාර ඒකකයක රෝගීන් සිය දෙනකුට ප්‍රතිකාර කිරීමට පහසුකම් සකස් කරනු ඇති බවද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here