”ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයො වගකීම භාරගන්න ඕන..” (Video)

0
ananda thero - ''ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයො වගකීම භාරගන්න ඕන..''

ඇස්ට්‍රසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන බවට පැතිර ගිය තොරතුරක් මත ඊයේ (29) ජනතාව විශාල පිරිසක් නාරාහේන්පිට අභයාරාමයට රැස් වූහ.

එහෙත් අද උදෑසන සිට දහවල් වන තුරුත් රැස්ව සිටි පිරිසට එන්නත් නොලැබීමත් හේතුවෙන් එහි නොසන්සුන් තත්තවයක් ඇති විය.

එන්නත් ලබා ගැනීමට පැමිණි ඇතැමුන් පැවසුවේ, පළමු මාත්‍රාව ගෙන මේ වනවිට මාස 3ක් ම ඉක්ම ගොස් ඇති බවයි.

”ඉන්ජක්ෂන් ගහලා දැන් පළවෙනි එක ගහලා තියෙන්නේ 2021. 2 . 21, දැන් මාස තුනත් පැනලා සති 10 න් එන්න කියලා තියනවා කාටද මේවා කියන්නේ කියන්නකෝ . මේවට එන්නත් ලක්ෂ 12 ක් ආවා නම් 6 කට ගහලා ඉතුරු 6 ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න එපැයි, මිනිස්සුන්ට ගහන්න ගෙදරින් ගෙනල්ලා ගහන්නද එච්චර ඔළුවක් කල්පනා කරන්න බැරිද මේ මින්සුන්ට”

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ, මෙවැනි වැඩපිළිවෙළවල් හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ කලකිරීමක් ඇති වන බවයි.

”ලාහට ගෙම්බෝ එකතු කරන්නා වගේ පොඩ්ඩ පොඩ්ඩ ගෙනල්ලා මේ එන්නත විදීමෙන් වෙන්නේ මොකක්ද මිනිස්සු ළඟ තව තවත් වෛරය ක්‍රෝදය පැතිරෙන එකයි වෙන්නේ රජය පිළිබඳවත් ලොකු කල කිරීමක් ඇතිවෙන්නේ ඒ නිසයි.”

උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, කළ පුරද්දත් පළ පුරුද්දත් ඇති නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් විධිමත් ක්‍රමවේදයකට එන්නත ලබාදිමේ වැඩපිළිවෙළක් සකසන ලෙසයි.

”මේ ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයෝ තමයි මේහි වගකීම භාරගන්න ඕන . දැන්වත් ජනාධිපතිතුමනි, වැඩ බැරි ටාසන්ලා ටික අත්හැරලා දාලා කළ පුරද්දත් පළ පුරුද්දත් තියන මිනිස්සු අරගෙන විධිමත් ක්‍රමවේදයකට මේ එන්නත ලබාදිමේ වැඩපිළිවෙළක් හදන්න කියන එකයි අපි ඉල්ලීමක් කරන්නේ”