තවත් කොවිඩ් 19 මරණ 42ක් – සමස්ථය 1400 ඉක්මවයි

0
covid 19 deaths in sri lanka yesterday - කොවිඩ් ආසාදිත මරණ 39ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් 19 මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 1,405ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ තහවුරු කළ මරණ 42න් 29 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 13 දෙනා කාන්තාවන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අවුරුදු 35ත් 93 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.

පඬුවස්නුවර ප්‍රාදේශිය සභා සභාපති කොවිඩ් ආසාදනයෙන් මියයයි

මියගිය පුද්ගලයින්ගේ විස්තර පහතින් දැක්වේ.

ශ්‍රීලංකාවේ කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න