පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ටද කොවිඩ් ආසාදනය වෙයි

0
Parliament - පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ටද කොවිඩ් ආසාදනය වෙයි

ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කපිල නුවන් අතුකෝරල මහතා කොවිඩ් 19 ආසාදනය වි කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කල විමසිමකදි මන්ත්‍රිවරයා පැවසුවේ තමන්ට කොවිඩ් 19 ආසාදනය වි ඇති බව සිදුකල පී.සී.ආර්.පරික්ෂණයෙන් දැනගත් පසු පුද්ගලික රෝහලකට ඇතුලත් වු බවයි.

පසුගිය දිනවල මාදිවල පිහිටි මන්ත්‍රි නිල නිවසට පැමිණි කන්තලේ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ රියදුරා සහ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු කොවිඩ් ආසාදනය වි ඇතිබව දැනගත් පසු තමන්ට ඇතිවු රෝග ලක්ෂණ මත සිදුකල පී.සී.ආර්.පරික්ෂණයෙන් තමන්ද ආසාදිතයෙකු බව දැනගත් විගස පුද්ගලික රෝහලකට ඇතුලත් වු බව මන්ත්‍රිවරයා පැවසීය.

ඒ අනුව අලුත් අවුරුදු කොවිඩ් රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව ආසාදිත බවට හඳුනාගත් පස්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.

මේ අතර මන්ත්‍රිවරයා කොවිඩ්  ආසාදිතයෙකු බව දැනගත් පසු අද ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය හා ආරක්ෂකයන්  හා සමීපතමයන් කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණි පි.සි.ආර්.පරික්ෂණ වලට භාජනය වන අයුරු  දැකගත හැකිවිය.