බස්නාහිර පළාතේ වාහන හිමි ඔබට නිවේදනයක්

0
Motor traffic - බස්නාහිර පළාතේ වාහන හිමි ඔබට නිවේදනයක්

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ කාලය 2021.06.06 දක්වා දීර්ඝ කර තිබෙනවා

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආයදායම් බලපත්‍ර නිකුත් කිරීම 2021.05.28 වන දින දක්වා මීට පෙර අත්හිටවූවා.

නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී කාන්ති විජේතුංග මහත්මිය සඳහන් කර ඇත්තේ, එම කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේ දී 2021.06.30 දින දක්වා දඩ මුදල් අය නොකෙරෙන බවයි.

කෙසේවෙතත් www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමය යටතේ ආදායම් බලපත්‍ර ලබා ගත හැකියි.