ජුලි 14 තෙක් හරීන් අත්අඩංගුවට ගන්නේ නැහැ

0

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ජුලි 14 වන දා තෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුනොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස මන්ත්‍රීවරයා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි.

පෙත්සම සලකා බැලීම ජුලි 14 තෙක් කල් තබා තිබෙනවා.