අදත් පළාත් කිහිපයකට විටින් විට වැසි

0
today weather forecast - අදත් පළාත් කිහිපයකට විටින් විට වැසි

සබරගමුව පළාතෙත් නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 දක්වා වැඩි විය හැකිය.