අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

0
Kusal perera - අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 97ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කළා.

නායක කුසල් පෙරේරා තම 6 වන එක්දින ශතකය ද ලබා ගනිමින් පන්දු 122කදී අද රැස් කළ ලකුණු සංඛ්‍යාව 120ක්.

ඒ හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ද සමගින්.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 55යි. එය ඔහුගේ 6 වන එක්දින අර්ධ ශතකයයි.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 39ක් ලබාගත්තා. පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවීගියා.

පන්දු යැවීමේදී තස්කින් අහමඩ් ලකුණු 46කට කඩුලු 4ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 42යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 189ක් පමණයි.

මහමුදුල්ලා ලකුණු 53ක් ලබාගත්තා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 46කට කඩුලු 5ක් බිඳහෙළීමට සමත්වුණා.

තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවුයේ බංග්ලාදේශ කණ්ඩායමේ මුශ්ෆිකර් රහීම්ටයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළ ද පළමු තරග දෙකම ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායම ම එක්දින තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගත්තා.