සුළු පරිමාණ කිරි නිෂ්පාදන සැකසුම් කරුවන් දිරි ගැන්වීමට ලෝකබැංකු ආධාර මත නව වැඩ සටහනක්

1
කිරි නිෂ්පාදන සැකසුම් කරුවන්

ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් අඩුම තරමින් 50% ස්‌වයං පෝශිත තත්වයට ලඟාවීමට බලවත් පරිශ්‍රමයක යෙදී සිටින බව නොරහසකි. කිරි ගොවින්ට කිරි ලීටරයකට ලැබෙන සහතික මිළ සහ පාරිභෝගිකයාට ලැබෙන මිල අතර පරාසය ඉතා වැඩිවීම, ප්‍රධාන හේතුවක් වන්නේ කිරි සැකසීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවීමයි. අගය එකතු කළ කිරි නිෂ්පාදන වල අගය දාමය සංවර්ධනය කිරීම මගින් මෙම ගැටලුව තරමක් දුරට විසඳා ගත හැක.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයට දායක වන්නේ 90% වඩා සුළු පරිමාණ නිෂ්පාදකයින්බැ වින්, අගය එකතු කරන නිෂ්පාදන වල නියැලී සිටින සුළු පරිමාණ කිරි නිෂ්පාදනසැකසුම් කරුවන් බලගැන්වීම මගින් වෙළඳපොල -දිශානත තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීමට හැකිවේ. රටෙහි කිරි නිෂ්පාදන වලට ඇති ඉල්ලුම දිනෙන්දි න ඉහල යමින් පවතී. නිවර්තන කලාපිය රටවල් බොහොමයක දක්නට ලැබෙන රෝගී තත්වයක් වන ලැක්ටේස් එන්සයිමය අක්‍රිය වීම, ශ්‍රී ලංකාවේද බොහෝ වැඩිහිටියන් තුල ඇති රෝගී තත්වයක් බැවින් නැවුම් කිරි වලට මෙන්ම අගය එකතු කරන කිරි නිෂ්පාදන වලට ඇති නැඹුරුවද දිනෙන් දින ඉහල යමින් පවතී. තවද, නැවුම් කිරි අලවියට වඩා සැලකියයුතු ආදායමක් අගය එකතු කරන කිරි නිෂ්පාදන සැකසීම මගින්ල බාගත හැකි බැවින්, සුළු පරිමාණ ව්‍යවසායකයින් නිෂ්පාදන සැකසීමට නැඹුරු වීම කාලෝචිතය.


සුළු පරිමාණ කිරි සැකසුම් කර් මාන්තයේ යෙදී සිටින ව්‍යවසායකයින් රටේ සෑම ප්‍රදෙශයකම් විසිරි සිටින අතර යෝගට්, යෝගට් පානය, අයිස් ක්‍රීම්, කිරි දෝසි, ගිතෙල්, ජීවානුහරණය කරන ලද කිරි වැනි නිෂ්පාදන වල යෙදී සිටි. දේශීය අමුද්‍රව්‍ය , කුරක්කන්, කිතුල් පිටි වැනි දේ යොදාගෙන යෝගට් , අයිස් ක්‍රීම් වැනි ද නිෂ්පාදනය කරන ව්‍යවසායකයින්ද හඳුනා ගතිමු. තවද, දකුණේ මෙන්ම උතුරේ ව්‍යවසායකයින් කිහිප දෙනෙකුද මෙම වැඩ සටහනට දායක කර ගන්න ලදී. ඔවුන්සි යළු දෙනාම , තම නිෂ්පාදන ගම මට්ටමින් හෝ ප්‍රාදේශීය මට්ටමින් අලවි කරති . ඔවුන් සියලු දෙනාගේම මුලික අමුද්‍රව්‍ය නැවුම් කිරිය. එළු කිරි නිෂ්පාදන සඳහා තමන්ගේම ගොවිපොළ වලින් කිරි ලබාගත් අතර අනිකුත් බොහෝ ව්‍යවසායකයින්අ වට පෙදෙස් වලින් එළකිරි එකතු කරති, තවද බොහෝ දෙනෙකුගේ නිෂ්පාදන වල ප්‍රමිතිය දියුණු කල යුතු අතර අලවි දාමය ශක්තිමත් කිරීමද අත්‍යවශ්‍ය වේ. තවද බොහෝ දෙනෙකුගේ නිෂ්පාදනගාර වල ප්‍රමිතිය ඉතා අඩු මට්ටමක ඇති බව පෙනී ගියේය.


එබැවින් ලෝක බැංකු ආධාර යටතේ පොකුරු ව්‍යාපෘති ආධාර මගින් තුලින් සුළු පරිමාණ කිරි සැකසුම් කරුවන් අගය දාමය තුල බල ගැන්වීම සඳහා, හඳුනාගත් අඩු පාඩු සංවර්ධනය කොට ගම මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් , කිරි සැකසුම් කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්න ලදී .

පහත දක්වා ඇති කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදි.

නිෂ්පාදනාගාර ගොඩනැගිලි ප්‍රමිතියට අනුකුලව සකස් කිරීම

කිරි එකතුකිරිම ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට සහාය වීම මගින් සැපයුම්
දාමය ශක්තිමත් කිරීම .

තම නිෂ්පාදනාගාර වල කිරි ශිත කර තැබීමට සහ කිරි මුලික වශයෙන්
පස්ටරිකරණය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම

යෝග්‍ය යන්ත්‍ර සුත්‍ර ලබාදීම මගින් අලුත් නිෂ්පාදන ආරම්භ කිරීමට සහ දැනට
කරගෙන යනු ලබන නිෂ්පාදන වල ගුණාත්මක භාවය ඉහල නැංවීම

අලුත් නිෂ්පාදන ඇරඹිමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම

අලවි දාමය සුරක්ෂිත කිරීම

නිෂ්පාදන වල ප්‍රමිතිය වැඩි දියුණු කර ශ්‍රී ලංකා ප්‍රමිති තත්ව ලබා ගැනීමට උනන්දු කරවීම

2019 මුල් අදියරේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය , කෝවිඩ් අභියෝග හමුවේ වුවද 2020 අවසානය වන විට ව්‍යවසායකයින් කිහිප දෙනෙකු විසින්සා ර්ථකව නිම කරන ලද අතර , ලෝක බැංකු ආධාර නිසා ඔවුන්හට තම ආදායම දෙගුණයකින් පමණ වැඩි කර ගැනීමට හැකිවූ බව අවධාරණය කරන ලදී. තවද, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට හැකිවූ අතර මේ අතර කාන්තාවන් බල ගැන්වීම ප්‍රධාන වශයෙන් දක්නට ලැබුනි. ව්‍යාපෘති ප්‍රතිලාභීන්ග ණනද සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියේය. නිෂ්පාදන අලවි කරුවන්ග ණන නිතැතින්ම වැඩිවිය. තවද නිෂ්පාදන වල ගුණාත්මය ඉහල මට්ටමක පවතී බැවින් ප්‍රමිති තත්ත්ව ලබා ගැනීමට හැකිවූ අතර අතර මිල්කෝ සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අලවි හල් වැනි ජාතික තලයේ අලවි පහසුකම් ලබාගැනීමටද හැකිවිය.


සියලුම ව්‍යවසායකයින් කෘෂිකර් ම නවීකරණ ව්‍යාපෘතිය මගින් සපයන ලද දිරිගැන්වීම ඉතා අගය කරන ලදි. කෙටි කාලයක් තුල තම ව්‍යාපාර වල වාර්තාගත ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවුයේ ආධාර ලැබීම නිසා බව පිලිගන්නා අතර
වසර කිහිපයකින් වත් මෙවැනි ප්‍රගතියක් තනියම ලැබිය නොහැකි බව පවසන ලදි. මෙම ව්‍යාපෘතිය මගින් කිරි සැකසුම් කර්මාන්තය ඉහල නැංවීමට සුදුසු පරිසරයක් නිර් මාණය කරන ලදී . කිරි නිෂ්පාදනයට සම්බන්ධ සියලුම ක්‍රියාකාරීන් මනා සහයෝගිතාවයෙන් කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝශිත තත්වයට ළඟාවීම වැඩි ඇතක නොවේ.

Prof. Thakshala Seresignhe Consultant – Dairy & Livestock Development