රුපියල් 5,000 දීමනාවට මෙවර හිමිකම් කියන පිරිස මෙන්න

0
Rs 5000 - රුපියල් 5000 දීමනාව ලැබෙන දිනය මෙන්න

රුපියල් 5,000 දීමනාව ජුනි මස 2 වන දින සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනවා.

මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ ලක්ෂ 60ත් 65ත් අතර පවුල් ප්‍රමාණයකට මෙම දීමනාව හිමිවන බවයි.

ඒ අනුව දැනට රජයෙන් කිසියම් දීමනාවක් ලබන පුද්ගලයින්ට දෙන දීමනාව රු.5000ට අඩු නම් රු.5000ක් දක්වා හිඟ මුදල ලබා දීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

තවද අඩු ආදායම් ලාභීන්ට සහ පවතින තත්ත්වය අනුව ආදායම් මාර්ග අහිමි වූ අයට ද මෙම දීමනාව හිමි වනවා.

ඒ අනුව පළමුව 5000 දීමනාව සමෘද්ධි ලාභීන්ට ලබා දීමට නියමිත බවයි පවසන්නේ.