ගාලු නගරයේ එන්නත් කරන වැඩසටහන සංවිධානය කල සංවිධායකයින්ට මල් මිටක්

0
සංවිධායකයින්ට මල් මිටක්

online register ක්‍රමයක් යටතේ ගාලු නගරයේ ඊයේ (27) ආරම්භ වූ එන්නත් කරන වැඩසටහන ආරම්භ වූ අතර එය ඉමහත් ජනතා ප්‍රසාදයට ඇගයීමට ලක්ව තිබේ. එම එන්නත් කරන වැඩසටහන සංවිධානය කල සංවිධායකයින්ට මල් මිටක් පිදිය යුතුමය. මේ සටහන ඒ වෙනුවෙනි.

online register වී පැමිණි ජනතාවට පමණක් කිසිදු ප්‍රමාදයකින් තොරව මිනිත්තු කිහිපයක් ඇතුලත එන්නත ලබා දීමට එම වැඩසටහන සංවිධානය කර තිබූ සංවිධායකයින් කටයුතු කර තිබීම රටෙහිම එන්නත් කරන වැඩසටහන් සඳහා යොදාගත හැකි නම් ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව එන්නත ලබාගැනීමට හැකි වනු ඇත.

එම එන්නත් කරන වැඩසටහන ගැන සහන් නිමල් ජයසිරි සමාජ මාධ්‍ය ට එක් කර තිබූ සටහනක් පහතින්

ගාල්ලේ උන් හරිම වෙනස්

Covid 19 වයිරසය සදහා අද දින ගාල්ල දිස්ත්‍රික්කයේ Sinopharm එන්නත්කරණය ආරම්භ කෙරිණි.එය ආරම්භය වශයෙන් සිදුකලේ ගාල්ල කඩවත් සතර ප්‍රා.ලේ කාර්යාලයට අයත් මඩපාතල ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙන්‍ විය. 1,000කට අදික පිරිසකට අද දින එන්නත්කරණය කිරීමට කටයුතු සංවිධානය කර තිබිණි.

පුදුමයට කරුණ නම් එය සංවිධානය කර තිබූ ආකාරයයි.පසුගිය සතියේ online register වන ලෙස දැනුවත් කල අතර,register වූ අයට ඊයේ රාත්‍රියේ vaccination එක සදහා පැමිණිය යුතු වේලාව සහ ස්ථානය සදහන් කර කෙටි පණිවිඩයක් ලැබිණි.අද දින එම ස්ථානයට ගිය පසු කෙටි පණිවිඩය හමුදා නිලධාරීන් විසින් පරීක්ශා කර තමන් පැමිණිය යුතු වේලාව නිවැරදිව පැමිණ සිට ඇත්නම් පමණක් vaccination එක සිදුකල ශ්‍රී පරමානන්ද පන්සල් භූමියට ඇතුල් කරගන්නා ලදී.

තමන්ට අදාල වේලාව නිවැරදිදැයි හමුදා නිලධාරීන් පරීක්ශා කර බලා ඇතුලත් කරගන්නා නිසා කිසිදු පෝලිමක රස්තියාදු නොවී විනාඩි 5ක් ගතවීමටත් ප්‍රථම එන්නත සිදුකරගෙන නැවත පැමිනීමට සියල්ලන්‍ටම හැකියාව ලැබිණි. මෙය කාගේ අදහසක්,ක්‍රමවේදයක් දැයි නොදනිමි.නමුත් විය යුතු දෙය මෙයයි.කොළඹ,ගම්පහ ආදී අනෙකුත් ප්‍රදේශ වල සිදුවූ දිගු පෝලිම් ගැටලු,පෝලිම් පැනීම් ගැටලු මෙහිදී නොවීය.රටටම ආදර්ශයක් වූ මෙම ක්‍රමය අනෙකුත් ප්‍රදේශ වලටද ආදේශ කරගන්නේ නම් ඉතා ඉක්මණින්ම මෙම එන්නත්කරණය මුලු රටටම සිදු කල හැක.

කඩවත් සතර ප්‍රා.ලේ.තුමිය හිමාලි රත්නවීර මැතිණිය හා සෞඛ්‍ය අංශ වල නිලධාරීන් වෙත අවංක ස්තුතිය පුදකිරීමට කැමැත්තෙමි?

උපුටාගැනීම අවසන්

NewsWeb.lk අපගේද පැතුම ගාලු දිස්ත්‍රික් නිලධාරීන්ගේ සංවිධාන හැකියාව රට පුරාම එන්නත් කරණ වැඩසටහන් වල සංවිධායකයින්ට ලැබේවා..!

සංවිධායකයින්ට මල් මිටක්