සංචරණ සීමා ලිහිල් නොකෙරේ – ජුනි 7 තෙක් අඛණ්ඩව

0
Travel restrictions - සංචරණ සීමා ලිහිල් නොකෙරේ - ජුනි 7 තෙක් අඛණ්ඩව

ජුනි මස 07 වන දින දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එදින අලුයම 4.00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වන අතර මීට පෙර දැනුම් දුන් පරිදි ලබන 31 වන දින සහ ජුනි 4වන දින සංචරණ සීමා ලිහිල් නොකරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේද මේවනවිටත් ප්‍රාදේශීය මට්ටමින් සකසා ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දුන්නේ.