”චීන භාෂාව දැනගෙන හිටියොත් ඒක අතිරේක සුදුසුකමක්…” – ඇමති වාසුදේව

0
චීන භාෂාව දැනගෙන හිටියොත් ඒක අතිරේක සුදුසුකමක් - Vasudeva nanayakkara

චීනයේ රැකියාවකට යා යුතුනම්, හෝ චීනයේ විවිධ ව්‍යාපෘති සඳහා එක්වීමට අවශ්‍ය නම්, චීන භාෂාව දැන සිටීම අතිරේක සුදුසුකමක් වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (27) කොළඔ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ , මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

”අපිට චීනයේ රැකියාවලට යන්න ඕන නම් හෝ චීනයේ ව්‍යාපෘතිවලට අපිට එකතු වෙන්න ඕන නම්, චීන භාෂාව දැනන් හිටියොත් ඒක අතිරේක සුදුසුකමක්… ”