ගෑස් මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

0

ගෑස් මිල වෙනස්

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 3,186කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 83 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.