ආණ්ඩුව ඡන්දයකට සැරසෙයි!

0

ආණ්ඩුව ඡන්දයකට සැරසෙයි!

ආණ්ඩුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන් සහ කැබිනට් අමාත්‍යවරුන්ද ඒ ඒ පක්ෂවල දිස්ත්‍රික් දේශපාලන නායකයන්ගේද සහභාගිත්වයෙන් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන මෙහෙයුම් කමිටුවක් සැකසීමේ මූලික සාකච්ඡාව පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

මෙම විශේෂ සාකච්ඡාවට ජනාධිපතිවරයා සමඟ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුද එක්වූහ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ සෙසු දේශපාලන සංවිධාන මනා සම්බන්ධීකරණයකින් එක් අරමුණක් ඔස්සේ ක්‍රියා කළ යුතු බව මෙම හමුවේදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එහිදී පොහොට්ටුව නියෝජනය කරන පක්ෂ කණ්ඩායම වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙවන් මෙහෙයුම් කමිටුවක් අරඹන්නේ නම් ඒ ගැන මුලින්ම ඒ ඒ පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවය. සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතාද එම අදහස අනුමත කර තිබේ. ඒ අනුව ඉදිරියේදී මෙම සාකච්ඡාව තවදුරටත් සංවිධානාත්මකව පවත්වා අදාළ මෙහෙයුම් කමිටුව පත් කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.