මොරටුව නගරාධිපති අත්අඩංගුවට?

0
saman lal fernando - මොරටුව නගරාධිපති අත්අඩංගුවට?

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

මොරටුව පුරපතිවරයා තම ආධාරකරුවන් පිරිසකට ලබා දුන් අංක (ටෝකන්) පිළිවෙළට අනුව එන්නත් ලබාදිම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරිය එන්නත් ලබාගැනීමට පැමිණි පිළිවෙළට එන්නත් ලබාදිමට කටයුතු කිරීම නිසා පුරපතිවරයා හා වෛද්‍යවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වෙයි. 

ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 

එම විමර්ශනවලන් ලැබෙන සාක්කි අනුව ඔහු යම් අත් අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

(ලංකාදීප වෙබ් අඩවිය ඇසුරිනි)

Update – යකා නැටූ මොරටුව නගරාධිපති රිමාන්ඩ්