ශී‍්‍ර ලංකාව අද බංගලාදේශය හමුවේ රටේ අභිමානය රැකගැනීමේ සටනක

0
SL vs BAN - ශී‍්‍ර ලංකාව අද බංගලාදේශය හමුවේ රටේ අභිමානය රැකගැනීමේ සටනක

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගය අද ධකා හිදී ආරම්භ වේ. ඒ අනුව පරාජයන් වැළක එල්ලී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සිය රටේ අභිමානය රැක ගැනීම වෙනුවෙන් සහ තරගාවලිය 3-0ක් ලෙස පරාජය වීමේ අවමානයෙන් බේරීම වෙනුවෙන් අද තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 ජය ගනිමින් තරගාවලිය ජය කලින්ම වෙන්කර ගැනීමට මේ වනවිට බංග්ලාදේශ කණ්ඩායම සමත් සිටී. ඒ අනුව අද තරගය ජය ගතහොත් ශී‍්‍ර ලංකාවට ඓරෙහිව 3-0ක ඓතිහාසික තරගාවලිය ජයක් සමගින් තරගාවලිය නිමා කිරීමට සත්කාරක කණ්ඩායමට හැකියාව තිබේ. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වනවිට සහාභාගි වූ එක්දින තරග 5ක් පිට පිටම පරාජයට පත්වී සිටින අතර පිට පිටම තරගාවලි 2ක් පරාජයට පත්වී තිබේ. ඒ අනුව ජයග‍්‍රාහි මානසිකත්වයකින් තරගාවලිය නිමා කිරීමට නම් අද තරගය ජය ගැනීම ශී‍්‍ර ලංකාවට වැදගත්වී තිබේ.

පළමු තරග දෙකට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා සංචිතය අද තරගයේදී වෙනස් කිරීමට බොහෝදුරට ඉඩ ඇති අතර නිරෝෂන් දික්වැල්ල අද කණ්ඩායමට කැඳවීමට ඉඩ තිබේ. මෙම සංචාරයේදී මංගල එක්දින වරම් හිමි වූ ශිරාන් ප‍්‍රනාන්දුගේ පී.සී.ආර්. වාර්තාවේදී ඔහුට කොරෝනා වැළඳී නැති බවට ඊයේ වාර්තා වූ අතර ඒ හේතුවෙන් ශිරාන් ප‍්‍රනාන්දු ද අද තරගයට කී‍්‍රඩා කිරීමේ වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

බංග්ලාදේශ සංචිතයට එක් වෙනස් කමක් සිදුකරමින් නයිම් ෂෙයික් සංචිතයට කැඳවා තිබේ.