රත්නපුර රජයේ පාසලේ නැටුම් ගුරුවරයා 12 හැවිරිදි දැරිවියන් දෙදෙනෙකුට අතවර කරයි

0

12 හැවිරිදි දැරිවියන්

රත්නපුර කලවාන ප්‍රදේශයේ පිහිටි රජයේ විදුහලක නැටුම් ගුරුවරයකු ලෙසත්, වැඩබලන විදුහල්පතිවරයකු ලෙසත් ක්‍රියා කළ ගුරුවරයකු 12 හැවිරිදි දැරිවියන් දෙදෙනකුට ලිංගික අතවර කිරීම පිළිබඳ කලවාන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම දරුවන් ලිංගික හිංසනයට ලක්වී ඇත්තේ වසරකට පෙර බව පොලිසිය කියයි.

මෙම දරුවන් දෙදෙනා මෙම සිද්ධීන්වලින් පසු පාසල් යෑමට මැළිකම් දැක්වීම පිළිබඳව කරුණු සොයා බැලීමෙන් පසු දෙමව්පියන්ට මෙය අනාවරණය වී ඇත. දරුවන් දෙදෙනා හය වසරේ සිටියදී මෙම සිද්ධියට ලක්වී ඇති අතර හත වසරට සමත් වූ පසුත් ඔවුන් පාසල් යෑමට මැළිකමක් දක්වා ඇති බව කලවාන පොලිසිය කියයි.

මෙම ගුරුවරයාගේ සේවය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් දැනට තහනම් කර තිබේ.

පොලිසිය කියන අන්දමට මෙම නැටුම් ගුරුවරයා අවිවාහක පුද්ගලයකු වන අතර රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.