ගුජරාට් ටයිටන්ස් පිල ලකුණු 214 ක් රැස්කරයි

0

ගුජරාට් ටයිටන්ස්ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අහමදාබාද්හිදී දැන් පැවැත්වෙන අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස්කිරීමට සමත් වූහ.

චෙන්නායි සුපර් කිංග්ස් පිල ශූරතාව දිනාගැනීමට ඕවරයක ලකුණු 10.75 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 215 ක් රැස්කළ යුතුය.

මෙම තරගයේදී චෙන්නායි පිලට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් වන වේග පන්දු යවන මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ ක්‍රීඩා කළහ.

මතීෂ පතිරණ ඕවර 4 ට ලකුණු 44 ක් ලබාදෙමින් කඩුලු දෙකක් දවාගත්තේය.

මහීෂ් තීක්‍ෂණ යැවූ ඕවර 4 ට ලකුණු 36 ක් රැස්කිරීමට ගුජරාට් පිතිකරුවෝ සමත් වූහ.

සායි සුදර්ශන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 47 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 96 ක් රැස්කිරීමට සමත් විය.

චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ගුජරාට් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 215 (රිදීමන් සාහා 54, සුබ්මන් ගිල් 39, සායි සුදර්ශන් 96, හර්ද්‍රික් පාණ්ඩියා නොදැවී 21, දීපාක් චාහල් 38/1, රවීන්ද්‍ර ජඩේජා 38/1, මතීෂ පතිරණ 44/2)

Update 23.55

CSK වෙත පන්දුවාර 15 කදී ලකුණු 171 ක ඉලක්කයක්. Powerplay පන්දුවාර 4ක් පමණයි. එක් පන්දු යවන්නෙක්ට පන්දු වාර 3ක් පමණක් යැවිය හැක. තරඟය 00.10 ට ඇරඹේ