අදත් වැසි සහ අකුණු

0
Rain - අදත් වැසි සහ අකුණු

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් අද (28) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සබරගමුව පළාතේත් ඇතැම් ස්ථානවලට මි.මී.50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි වනවා.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටිනවා.