සුධර්මාගේ මෙහෙකාරියගේ නිවසට සජිත්ගෙන් පණිවුඩයක්

0

මෙහෙකාරියගේ නිවසට

රාජගිරිය පොලිසියේ නිලධාරින් විසින් පහර දි ඝාතනය කලේ යැයි කියන රාජකුමාරිගේ දොමෝදර බල්ලේකැටුව නාවිල වත්තේ පිහිටි මෙහෙකාරියගේ නිවසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලිමක් මත කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක වි.රාධාක්‍රිෂ්ණන් මහතා ගොස් මියගිය කාන්තාවගේ පවුලේ සමාජිකයන්ගේ සුවදුක් විමසිමක් සිදු කරනු ලැබුහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලිමක් මත රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා මියගිය කාන්තාව පදිංචි නිවසට ගොස් ඇයගේ සැමියා සමග කතාබස් කිරිමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මියගිය කාන්තාවගේ සැමියා සමග දුරකථනය ඔස්සේ සම්බන්ධ විය.