නිරෝධායනය වන පවුල් සඳහා දුන් සහන මළුවලින් 3100 ක බඩු සොරා ගත් රාජ්‍ය සේවකයා

0
Mahiyanganaya - නිරෝධායනය වන පවුල් සඳහා දුන් සහන මළුවලින් 3100 ක බඩු සොරා ගත් රාජ්‍ය සේවකයා

මහියංගණ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘කොවිඞ් 19’ රෝගය වැළඳී ප‍්‍රතිකාර ලබන හා නිරෝධායනය වන පවුල් සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10000 සහන මල්ල ලිහා එහි ඇතුළත් වියළි ආහාර සලාකයේ ද්‍රව්‍යයන් ඉවත් කිරීමෙන් පසු සහන මලූ බෙදූ මහියංගණ ග‍්‍රාම නිලධාරිවරයකු සම්බන්ධයෙන් මහියංගණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව ක‍්‍රියාත්මක වූ මහියංගණ ප‍්‍රාදේශීය ලේකම් සංජය ප‍්‍රසාද් වීරසිංහ මහතා අදාළ නිලධාරියා වසම් රාජකාරියෙන් ඉවත් කර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර සහන මල්ලෙන් ඉවත් කරගන්නා ලද ද්‍රව්‍යයන් නැවත අදාළ පුද්ගලයන්ට ලබාදීමට ද පියවර ගෙන ඇත.
 
 පසුගිය 22 වැනිදා මෙම සිදුවීම වී ඇත’ අදාළ ග‍්‍රාම නිලධාරිවරයා විශ‍්‍රාම යෑමට ද ආසන්න ග‍්‍රාම නිලධාරිවරයකු බවට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය තොරුතු සඳහන් කරයි. එසේම මේ වන විට මහියංගණ නගරය වසමේ රාජකාරි සිදු කිරීම සඳහා වෙනත් ග‍්‍රාම නිලධාරියකු ද අනුයුක්ත කර ඇත.
 
 පසුගියදා මහියංගණ ප‍්‍රාදේශීය සභාවේ සභාපති කරූ වීරරත්න මහතා ද කොවිඞ් ආසාදනය වී ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කරනු ලැබූ අතර සභාපතිවරයාගේ නිවසට අදාළ සහන මල්ල ලැබුණු පසු එහි ඇතුළත් ද්‍රව්‍යයන් පිළිබඳ ගැටලූකාරී තත්ත්වයක් තිබීම සම්බන්ධයෙන් මහියංගණ ප‍්‍රාදේශීය ලේකම්වරයාව දැනුවත් කිරීමෙන් පසු, අදාළ ද්‍රව්‍යයන් ලැයිස්තුව හා සැසඳීමේදී රුපියල් 6100 පමණ වටිනාකමක් ඇති ද්‍රව්‍ය පමණක් ලැබී ඇති බව හෙළිවී තිබේ. ඉතිරි රු.3900ක පමණ ද්‍රව්‍යන් ඉවත් කරගෙන ඇති බවට තහවුරුවී ඇත. එසේම භාණ්ඩ නිකුත් කිරීමේදී බඩු මල්ලේ (උරයේ) කට මසා (සීල් කර* ලබාදෙන මුත් අදාළ ග‍්‍රාම නිලධාරියා විසින් බෙදූ බඩු මල්ල ලණුවකින් ගැටගසා ලබාදීම හේතුවෙන් සැක මතුව ඇත.
 
 කිරි පිටි කිලෝ 01ක පැකට්ටුව, සැමන් ටින්, සබන් හා අනෙකුත් ආහාර ද්‍රව්‍යයන් කිලෝ කිහිපය බැගින් ඉවත් කරගෙන ඇත.
 
 එසේම සභාපතිවරයාගේ බිරිඳගේ නම නිරෝධායන ලැයිස්තුවට ඇතුළත් කර මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා නිර්දේශ කිරීම නිසා එම සහන මල්ල සභාපතිවරයාගේ නිවසට අදාළ සහන මල්ල ලෙස ග‍්‍රාම නිලධාරියාට වටහා ගත නොහැකි වීම නිසාවෙන්, බඩු ඉවත් කර ගත් සහන මල්ලක්ම සභාපතිවරයාගේ නිවසට ද නිකුත් කර ඇති බවට අනුමාන කෙරේ. සභාපතිවරයාගේ නමට සහන මල්ල නිකුත් වූවා නම් මෙම ජාවාරම හසු නොවනු ඇති බව ජනතාව කියති.
 
 පසුව ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා මහියංගණ ප‍්‍රාදේශීය ලේකම්වරයා දැවුවත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අදාළ වරද නිවැරදි කිරීමටත් හිඟ ද්‍රව්‍යයන් නැවත එම නිවාසවලට ලබාදීමටත් කටයුතු කර ඇත. වංචාව සිදුකළ ග‍්‍රාම නිලධාරියා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා කාර්යාලයට අනුයුක්ත කර වසම් රාජකාරියෙන් ඉවත් කර ඇත