අලි සබ්රි රහීම් ආණ්ඩුව ගැන කලකිරිලා

0

අලි සබ්රි රහීම්

තමා අමාරුවේ වැටුණු වෙලාවේ ආණ්ඩුව තමා බේරා නොගත් නිසා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පැවැසීය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අලි සබ්රි රහීම් මහතා මේ බව කීය.

නීතිවිරෝධී ලෙස මෙරටට රත්තරන් කිලෝ තුන හමාරකට ආසන්න ප්‍රමාණයක් රැගෙන එද්දී රේගු අත්අඩංගුවට පත්ව ඊට අදාල දඩය ගෙවීමෙන් පසු අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අලි සබ්රි රහීම් මහතා මෙසේද පැවසීය. ජනක රත්නායක මට විරුද්ධව මුකුත් කරලා නෑ.

ඒක මං කරපු වරදක් නෙමෙයි.මගේ ගෝලයෙක් තමයි ඒක ගෙනාවේ.හැබැයි මාධ්‍යයෙන් ගියේ මාව.මම මේ ගැන ජනාධිපති ලේකම්ට කිව්වා. අගමැතිට කිව්වා.කවුරුත් බලන්නං කිව්වා. නමුත් මට අසාධාරණයක් වුණා.වැරැද්දක් නැතුව මම ලක්ෂ 75ක් දඩ ගෙවලා තමයි එළියට ආවේ.එ් නිසා මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා.

මගේ ගෝලයෙක් තමයි මේ බෑග් එක පැක් කළේ.මගේ බෑග් එකටත් ඒව දාල .එයා කරපු වැරැද්දට අන්තිමට අහු වුණේ මම.කස්ටම් එකෙන් එයත් අත්අඩංගුවට ගත්තා.ඒත් ඔක්කොම දඩ ගෙව්වේ මම.

මේ වගේ අසාධාරණයක් මට වෙනකොට ආණ්ඩුවත් එක්ක ඉදල මොකටද?මෙි වගේ වෙලාවක මාව බේරුවේ නැත්නම් ආණ්ඩුවත් එක්ක ඉඳල වැඩක් නෑනේ .ඒකයි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ යනුවෙන් අලි සබ්රි රහීම් මහතා පැවසීය.