එක්වරම හුස්ම ගැනීමට අපහසු වී මියගිය එක්දරු මවට කොරෝනා

0
covid 19 death in anuradhapura - කොරෝනා ආසාදිතව හිමිනමක් විහාරස්ථානයේදීම අපවත් වෙයි

හුස්ම ගැනීමට අපහසු වී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය එක්දරු මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.
 
මියගිය මව ගාල්ල කලේගාන ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන තැතැන්තියකි. ඇය වසර 10 ක සිට දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර නිවස තුළ සිටියදී එක්වරම හුස්ම ගැනීමට අපහසු වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ දී ඇය මියගොස් ඇත. පසුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේ දී මෙකී මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙකී කාන්තාවගේ එකම දරුවා 10 හැවිරිදි වියේ පසුවන අතර පියා විදේශ රැකියාවක නිරතව ඇත.