යුද්දෙ දින්න ජනපති ආරක්ෂක ලේකම් හමුදාපති වැඩබලන ආරක්ෂක ඇමති කවුරුත් නැතිව පැවැත්වූ රණ විරු සැමරුම

0

යුද්දෙ දින්න

යුද ජයග්‍රහණයට අද දින වසර 14ක් සපිරිණි.

එම උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ බත්තරමුල්ල රණවිරු පරිශ්‍රය අභියසදීය.

ඊට කතානායකවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා සහ හිටපු හමුදාපතිවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.

කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ යුද්ධය ජයග්‍රහණය කරද්දී සිටි ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ හෝ යුද්ධය දිනන අවස්ථාවේදී වැඩබලන ආරක්ෂක ඇමැති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව නොසිටීමය.

මෙම පිරිසට ඊට ආරාධනා කර තිබියදීත් නොපැමිණියේ විරෝධය පළ කිරීමක් වශයෙන්ද එසේත් නැතිනම් වර්ජනය කිරීමක් වශයෙන්දැයි පැහැදිලි නැත.

නමුත් මෙම පිරිස ‌ පසුගිය 13 වසර පුරාම රණවිරු සැමරුම් උත්සවවලට සහභාගී වී සිටි අතර සහභාගී නොවී සිටියේ මෙවර පමණක් වීමද විශේෂත්වයකි.

අනෙක් අතට එකල තොප්පිගල අල්ලාගත් පසු එවකට විපක්ෂනායකවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එය කැලෑවකට සමකිරීම හේතුකොටගෙන රාජපක්ෂවරුන්ගේ සහ ආණ්ඩුවේ විශාල විරෝධයකට මුහුණ දීමටද සිදුවිය.