අනියම් පෙම නිසා වසර 33 කට පෙර සිදුවූ ඝාතනය ක සුලමුල එළියට

0

ඝාතනය ක සුලමුල

අනියම් සැමියා සමග එක්ව ඝාතනයට කළ බව කර වළ දැමූ ස්ථානයේ සිදු කළ කැනීම්වලදී ඝාතනය ක සුලමුල ඝාතනය ලක් වූ ජිනදාස නැමැත්තාගේ බවට සැලකෙන අත්පාවල අස්ථි කොටස් කිහිපයක් දත් කිහිපයක් ද ඇඳුම් කැබලි කිහිපයක් හමු වූ බව පොලිසිය කියයි

එම ඇඳුම් අතර ඝාතනයට ලක් වූ ජිනදාස නමැත්තා හැඳ සිටි ටී ෂර්ට් එකක් සහ සරමක් ඔහුගේ සිරුර එතීමට යොදා ගත් බවට සැලකෙන රෙද්දක් ද කැණීම් වලදී සොයා ගන්නා ලදැයි පොලිසිය කීය.

1989 භීෂණ සමයේ ජිනදාස නැමැත්තා රාත්‍රියේ නිවසේ ෙනිදාගෙන සිටියදී කිතුල් පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවට ලැබුණු තොරතුක් මත මෙම කැණීම් සිදු කෙරිණි.

අනියම් බිරිඳ සමග එක්වී ඇයගේ නීත්‍යානුකූල සැමියා මීට වසර තිස් තුනකට පමණ ඉහත දී ඝාතනය කර ඔහුගේ සිරුර අනියම් බිරිඳගේ ගෙවත්තේ පිහිටි වැසිකිලි වලකට දමා සැඟ වූ බව කියන පුද්ගලයා ඌරුබොක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය

අඩංගුවට ගත් සැකකරු ඝාතනය සිදුකළ බව කියන වකවානුවේ අවුරුදු 36ක වයසේ පසු වූ තැනැත්තෙකි. ඔහු මේ වන විට සැකකරු 69 හැවිරිදි වියේ පසු වන බව පොලිසිය කියයි

මෙම සැකකරු පුවක්දොල ප්‍රදේශයේ පදිංචි තැනැත්තෙකි

අත්අඩංගුවට ගත් මෙම සැකකරුගේ එවකට සිටි අනියම් බිරිඳ බව කියන මේ වන විට 83 හැවිරිදි වියේ පසු වන කාන්තාව ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

අංශභාගය රෝගය  දීවැළඳීම නිසා  මෙම වයෝවෘද්ධ කාන්තාව රෝද පුටුවක ආධාරයෙන් එහා මෙහා ගමන් කරන තැනැත්තියකි

මෙසේ ඝාතනය කර ඇත්තේ දොලමුල්ල අන්නාසි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කපුගේ ජිනදාස නැමැති නමැති පුද්ගලයෙකි

ඝාතනයට ලක්වන විට ජිනදාස නැමැත්තා අවුරුදු 51 ක වයසේ පසු වී ඇත

තම නීත්‍යානුකූල සැමියා ඝාතනය කර වළ දැමූ ස්ථානය නිශ්චිතවම පෙන්වා ඇත්තේ ද මෙම වයෝවෘද්ධ කාන්තාව විසින් යයි පොලීසිය කියයි

 

මොරවක මහේස්ත්‍රාත් ගිහාන් බස්නායක මහතා හමුවේ මෙම කැණීම් කටයුතු සිදු කර ඇත

මාතර මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය බුද්ධික ලේල්වල මහතා මහතාගේපූර්ණ අධීක්ෂණය යටතේ මෙම කැණීම් කටයුතු සිදු කර තිබිණි

වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම සිරුරු කොටස්විශේෂඥ වෛද්‍ය බුද්ධික ලේල්වල මහතාගේ භාරයට ගනු ලැබීය

ඝාතනය ක සුලමුල

ඉන්පසු ජිනදාස නැමැත්තාගේ සිරුර ජනෙල් රෙද්දක ඔතාඅනියම් බිරිඳ බව කියන කාන්තාව සමඟ එක්වී වැසිකිලි වලට තමා සඟවා දැමූ බව සැකකරු තවදුරටත් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇතැයි කියති

අනියම් සම්බන්ධතාවය බාධාවකින් තොරව කරගෙන යෑමට මෙවැන්නක් කළ බව සැකකරු වැඩිදුරටත් පොලිසියට පවසා ඇති බවද දැන ගැනීමට ඇත

ජිනදාස නැමැත්තාගේ බිරිඳ ඒ කාලයේ හැඩකාර කාන්තාවක සිටි නිසාඇයත් සමඟ සමග අනියම් සම්බන්ධතාවයක් සැකකරු විසින් ගොඩනගන ඇති බවද දැන ගැනීමට ඇත

ජිනදාස නැමැත්තාට මෙම අනියම් සම්බන්ධතාවය දැනගැනීමට ලැබී දෙදෙනාටම අවස්ථා ගණනාවකදීම අවවාද කර මෙම සම්බන්ධතාවය දරුවන්ගේ නාමයෙන් නතර කර දමන ලෙස ද ඔහු ඉල්ලා ඇති බවද කියති

එහෙත් මොවුන් දෙදෙනා මෙම අනියම් සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන ගොස් ඇතැයිද පැවසේ

ඝාතනය ක සුලමුල

@ LANKADEEPA