ලුණුගම්වෙහෙර භූකම්පනයක්

0

ලුණුගම්වෙහෙර භූකම්පනයක්

කතරගම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා සඳහන් කළේ, රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවය.

ඊයේ (15) රාත්‍රී 10.15ට පමණ එම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්ය.

භූකම්පනය එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනී ඇති බවට වාර්තා කර ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළේය.