සිමෙන්ති මිල අඩුවේ

0

සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600කි.

මෙම මිල අඩුකිරීම ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.