ගාල්ල මහින්ද විද්‍යාලීය විදුහල්පතිට බිම දාගෙන ගහලා

0

ගාල්ල මහින්ද විදුහලේ විදුහල්පතිවරයාට තම නිල නිවස ඉදිරිපිටදී නොහඳුනන පුද්ගලයෙකු විසින් බිම දමා ගෙන පහර දුන් බවට විදුහල්පතිවරයා ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

විදුහල්පතිවරයාගේ බිරිඳ අසනීපවීම නිසා අැය කරාපිටිය ශීක්ෂණ රෝහලට ගෙන ගොස් නතර කර ඊයේ රාත්‍රි 11.30 පමන රෝහලෙන් පිටවී නිල නිවස කරා මෝටර් රථයෙන් පැමිණ ඇත.

එසේ පැමිණ නිල නිවසේ ගේට්ටුව ඇරීමට  මෝටර් රථයෙන් බිමට බැස්ස විට මෝටර් රථය පිටුපසින් යතුරු පැදියකින් පැමිණි බීමත් පුද්ගලයෙකු විසින් බිම දමා ගෙන තමාට පහර දුන් බවත් එම අවස්ථාවේ අසල් වැසියන් පැමිණි විට පහර දුන් පුද්ගලයා යතුරුපැදියද දමා පලා ගිය බවට විදුහල්පතිවරයා පොලිසියට පැමිණිලි කර ඇත.

මේ අතර මෙම පහරදීම සිදු කළ පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි