අමෙරිකාවෙන් චීන සයිනොෆාම් එන්නතට සහතිකයක්! ප්‍රතිපල 100%යි

0
Sinopharm vaccine - අමෙරිකාවෙන් චීන සයිනොෆාම් එන්නතට සහතිකයක්

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් අමෙරිකානු වෛද්‍ය සංගමය විසින් සිදුකළ සායනික පරීක්ෂණයේ අවසන් වාර්තාව එළිදක්වා තිබේ.

කොවිඩ් -19 වෛරසයට එරෙහිව චීනය විසින් නිෂ්පාදනය කරන ලද සයිනොෆාම් එන්නතේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ වාර්තාව එලෙස එළිදක්වා ඇත.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14 කින් පසු කොවිඩ් -19 වෛරසය ආසාදනය වී බරපතළ තත්ත්වයට පත්වීම සියයට සියයකින් වැළකෙන බව අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

ඊට අමතරව මෙම එන්නත මගින් වෛරසයට එරෙහිව ක්‍රියා කිරී‍මේ සියයට 78.1ක හැකියාවක් පවතින අතර කොවිඩ් -19 වෛරසයට එරෙහි උදාසීන ප්‍රතිදේහ නිපදවීම සියයට 99ක හැකියාවක් පවතින බව චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.