වෛද්‍යවරුන්ට පහරදුන් අයෙක් අත්අඩංගුවට

0

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු දඹුල්ල ප්‍රදේශයේදී මෝටර්රථයකින් ගමන්කරමින් සිටියදී කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු ගමන්කරමින් සිටි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 08 වනදා කුරුණෑගල රෝහලේ අංක 72 වාට්ටුවේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියකට සහ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මෙලෙස විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මෙම සිදුවීම මුල්කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරු ඊයේ දිනයේ එක්දින වැඩවර්ජනයක ද නිරතවිය.