කලුතර ගණිත ගුරුවරයෙක් සිසුවියන් 16 කට අතවර කර Video කරලා

0

කළුතර උපකාරක පංතිවල ගුරුවරයකු සිසුවියන් 16 දෙනකුට ලිංගික අතවර කළ කර ඇති බව පැමිණිලි කීපයක් ලැබී ඇතැයි පොලිසිය කියයි. කියන උපකාරක පංති ගුරුවරයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද සවස වන විට කළුතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන දෙකකට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිස් නිළධාරීයෙක් කිය.

පාසල් සිසුවියන්ට පංතිකාමරයේ දී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව පොලිස් නිළධාරීයෙක් කීය.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා මව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශණද පටිගත කර ඇති බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වී ඇතැයි පොලිසිය පොලිස් නිළධාරීයෙක් කීය.

අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිළධාරීයෙකගේ දියණියක් සිටින බවද වාර්තාවේ.

කළුතර පොලිස් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.

ගණිතය විෂය උගන්වන සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සදහන් වේ