Home Uncategorized විපක්ෂයත් කඳවුරු බඳියි

විපක්ෂයත් කඳවුරු බඳියි

0

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම සාකච්ඡාව අද (08) පෙරවරුවේ පැවැත්වෙන බව සමගි ජනබලවේගයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එම සාකච්ඡාව සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබේ.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයට අමතරව සෙසු විපක්ෂයේ දේශපාලන පක්ෂ නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැති බව සඳහන්ය.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදි අවදානය යොමුකිරීමට නියමිතය.

එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දි මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව විපක්ෂය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදි එකඟතාවකට පැමිණීමට ද නියමිතව බව වාර්තා වේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යයභාර්ය ඉතා දුර්වල තත්ත්වයක පවතින බව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කළේය.

මොනරාගල ප්‍රදේශයේ පැවැති ජනහමුවක දී සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ, පාර්ලිමේන්තුව තුළ විපක්ෂය ශක්තිමත් වෙමින් පවතින බවය.

මේ අතර සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද අද රැස්වීමට නියමිතව තිබේ.

පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි අවදානය යොමු කිරීමට නියමිත බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.